23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහදිසි විදුලිය බිඳවැටීමේ වරද ලංවිම පිළිගනී

හදිසි විදුලිය බිඳවැටීමේ වරද ලංවිම පිළිගනී

පසුගිය 09 වැනිදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම තම මණ්ඩලය අතින් සිදු වූ වරදක් බවට ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන
තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසුවේ පැය 5කට ආසන්න කාලයක් විදුලි බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව නොලැබීම තම මණ්ඩලයේ ගැටලුකාරී තත්ත්වයක් බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇති බවයි.

එලෙස හදිසි විදුලි බිඳවැටීමක් සිදුවු අවස්ථාවක අතිරේක විදුලි ජනනයක් පවත්වාගෙන යායුතු වුවද පිරිවැය නොමැති වීම හේතුවෙන් අතිරේක විදුලි ජනනයක් පවත්වාගෙන යාමට නොහැකි බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් අතිරේක විදුලි ජනනයක් පවත්වාගෙන යාම සඳහා පිරිවැය සොයාගැනීමට නම් එහි බරපැනද ජනතාවට විඳදරා ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් එකඟතාවයකට එළඹීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ.