28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහීනටියන මහේෂ්ගේ ගෝලයෙකු අත්අඩංගුවට

හීනටියන මහේෂ්ගේ ගෝලයෙකු අත්අඩංගුවට

ඝාතනයක් සඳහා සූදානමින් සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික හීනටියන මහේෂ්ගේ ගෝලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සිට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ උපදෙස් මත පුද්ගල ඝාතන තුනක් සිදු කිරීම සඳහා සූදානමින් සිටි සැකකරු කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ගිනි අවි සහ යතුරු පැදි ද සමගින්.

පසුගිය 20 වැනිදා ආඬිඅම්බලම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කර පළා යමින් සිටියදී 28 හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07 කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබා ගෙන තිබුණා.

එහිදී කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතන සැලසුම් සහ ඊට භාවිතා කිරීමට සූදානමින් සිටි ඇමෙරිකාවේ නිෂ්පාදිත මිලිමීටර් 09 වර්ගයේ ස්වයංක්‍රීය අවියක්, ජීව උණ්ඩ, ව්‍යාජ අංක තහඩු සවි කරන ලද යතුරු පැදි දෙකක් සහ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා හෙරොයින් ද අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මිනුවන්ගොඩ, උන්නාරුව සහ කළහුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනකු සැකකරු විසින් මොහු ඝාතනය කිරීම සඳහා සූදානම් වී සිටි අතර මොහුගේ සහායක වෙඩික්කරු ද මිනුවන්ගොඩ පොලිසිය මගින් හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත් අඩංගුවට ගැනීම හේතුවෙන් මෙම ඝාතන සැලසුම් ප්‍රමාද වී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ගිනි අවිය, උණ්ඩ, යතුරු පැදි සහ හෙරොයින් තොගය සමග සැකකරු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.