26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅතීතයේ පව් අනාගත පරපුරට පටවන්න එපා

අතීතයේ පව් අනාගත පරපුරට පටවන්න එපා

අතීතයේ වූ ඛේදවාචක අනාගත දරු පරපුරට අත්විඳීමට ඉඩ ලබා නොදීමේ භාරදූර වගකීම ඉදිරි ජනාධිපතිවරණයේ දී ලාංකික ජනතාව මත පැවරෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ නැවතී තිබුණු ලෝක බැංකු, ආසියා සංවර්ධන බැංකු, ජයිකා ආයතනය ඇතුලු ලංකාවට ආධාර සහ ණය දුන් කණ්ඩායම් වල සංවර්ධන ව්‍යාපෘති නැවත 2024 ජනවාරි මාසය ලබන විට ආරම්භ වීමට නියමිත බවයි.

එමෙන්ම පසුගිය කාලය පුරා කතා කිරීමට නොහැකිව තමන්ගේ දේශපාලන පක්ෂවල බෝඩ් ලෑලි සඟවා සිටි පිරිස් මේ වනවිට එළියට පැමිණ අදහස් ප්‍රකාශ කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.