32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් ප්‍රවාහනය කළ 'මාමා' අත්අඩංගුවට

අයිස් ප්‍රවාහනය කළ ‘මාමා’ අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි ‘මාමා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් විසින් ඔහු නවාතැන් ගෙන සිටින සුඛෝභෝගී නිවාස සංකීර්ණය ද වටලා තිබේ.

එහිදී එහි සිටි සුරූපී තරුණියන් සිව් දෙනෙකු සමඟ තවත් තරුණයන් හතර දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සහ ඒවා පානය කිරීමට යොදා ගන්නා උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මූලික පොලිස් පරීක්ෂණවලදී අණාවරණය වී ඇත්තේ සුරූපි තරුණියන්ට මත්ද්‍රව්‍ය ලබා දී මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් ද සිදුවන බවයි.

පොලිස් නිලධාරීන් එම නිවස වැඩිදුරටත් සෝදිසි කිරීමේ දී අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිරීමට යොදාගන්නා කුඩා ඉටිකවර විශාල ප්‍රමාණයක් ද සොයා ගෙන තිබෙනවා.