අමෙරිකාව විසින් යුක්‍රේනයේ යුද ගැටුම් සඳහා තවත් යුද ආධාර ලබාදීමට තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ඩොලර් මිලියන 250ක තවත් යුද ආධාර යුක්‍රේනය වෙත ලබාදීමට තීරණය කර ඇති බවයි.
මෙම නවතම යුද ආධාර පැකේජය සඳහා ගුවන් ආරක්ෂක පතරොම්, කාලතුවක්කු පතරොම් සහ බෝම්බ ඇතුළත් වෙයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් යුක්‍රේනය සඳහා තවත් ඩොලර් බිලියන 61ක යුද ආධාර ලබාදීමට ඉල්ලා ඇතත් එය ප්‍රතික්ෂේප වී ඇති බවයි.