26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියානු මහ කොමසාරිස් හා විදුලිබල ඇමති අතර හමුවක්

ඉන්දියානු මහ කොමසාරිස් හා විදුලිබල ඇමති අතර හමුවක්

මෙරට නව ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර හමුවක් ඊයේ (27) විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

දෙරට අතර පවතින සමීප මිතුදම තවත් ශක්තිමත් කරගනිමින් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රවල යෝජිත ව්‍යාපෘතිවල ඉදිරි පියවර වේගවත් කිරීම පිළිබඳ මෙම හමුවේදී සාකච්ඡා කර තිබෙනවා.

පසුගිය කාලයේ ඇතිවූ බලශක්ති අර්බුදය තුළ ඉන්දියානු රජය සහ හිටපු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ දැක්වූ සහාය පිළිබඳවද අමාත්‍යවරයා කෘතවේදීව එහිදී සිහිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.