29.5 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඊශ්‍රායලයේ රැකියා සඳහා එකවර යන වැඩිම පිරිස ඊයේ පිටත්වෙයි

ඊශ්‍රායලයේ රැකියා සඳහා එකවර යන වැඩිම පිරිස ඊයේ පිටත්වෙයි

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමි වූ තවත් ශ්‍රී ලාංකිකයින් 211 දෙනෙකු ඊයේ (27) රාත්‍රියේ පිටත්ව ගොස් තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ මෙම පිරිසත් සමඟ ශ්‍රී ලාංකිකයින් 361 දෙනෙකුට ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා මේ වනවිට හිමි වී ඇති බවයි.

මේ අතර ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා ලබාගැනීම සඳහා කිසිදු අතරමැදියෙක්ට මුදල් ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේ මුදල් ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වුවහොත් එලෙස මුදල් ලබාදී ඇති ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඊශ්‍රායලය සමග එකතාවයකට පැමිණ ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.