32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකතරගම තවත් කපුවෙක් මුදල් හා රත්‍රං ගෙදර අරන් ගිහින්

කතරගම තවත් කපුවෙක් මුදල් හා රත්‍රං ගෙදර අරන් ගිහින්

විනය විරෝධී ක්‍රියාවන් හේතුවෙන් කතරගම දේවාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර සිටි කපු මහතෙකු බලහත්කාරයෙන් දේවාලයට ඇතුළු වී බැතිමතුන් විසින් පූජා කළ මුදල් හා රත්‍රං නිවසට රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹා තිබෙනවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත පොලිස් වංචා විමර්ශන ඒකකය මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර විසින් මෙම පැමිණිල්ල පොලිස්පතිවරයා මාර්ගයෙන් වංචා විමර්ශන අංශය වෙත ලබාදී තිබෙනවා.

නොවැම්බර් 13 වනදා සිට දෙසැම්බර් 13 දක්වා මාසයක කාලසීමාව තුළදී දේවාලයේ තේවාව බලහත්කාරයෙන් භාරව සිට ඇත්තේ 2022 ජූලි 29 වනදා සිට කපු ධුරය අත්හිටුවා දේවාලයට ඇතුළුවීම තහනම් කළ තිම්ලත් රත්නායක සනත් ප්‍රේමකුමාර නමැති අය බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.

මසකට රුපියල් කෝටි හතරත්, පහත් අතර වටිනාකමකින් යුත් මුදල් හා රන් ආභරණ දේවාලයේ තේවාව කරන කපු මහතෙකුට ලැබෙන බවත්, තේවාවෙන් පසුව පසුගිය මාසයට අදාළව රුපියල් ලක්ෂ දහයක් වැඩ තහනමට ලත් කපුවා විසින් දේවාලයේ ගිණුමට තැන්පත් කර ඇති බවත් එම පැමිණිල්ලෙන් පෙන්වා දී තිබෙනවා.