26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගසක් කඩා වැටී කාන්තාවන් දෙදෙනෙක් රෝහලේ

ගසක් කඩා වැටී කාන්තාවන් දෙදෙනෙක් රෝහලේ

නෝර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි තේ වත්තේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මතට අද (28) ගසක් කඩා වැටී තිබෙනවා.

පොලීසිය පැවසුවේ මේ හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ දැඩි සුළං තත්ත්වයක් පැවති අතර අද උදෑසන තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසක් මතට ගස කඩා වැටී ඇති බවත් ඉන් වතු කම්කරු කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් වතු පාලන අධිකාරිය පවසනවා.

පවතින දැඩි සුළං තත්ත්වයත් සමඟ හැටන් විදුලි පාරිභෝගික මධ්‍යස්ථාන බල ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැන් පද්ධතිවලට ගස් සහ අතු කඩා වැටීම හේතුවෙන් වරින්වර විදුලි බලය විසන්ධි වූ බවයි හැටන් විදුලි පාරිභෝගික මධ්‍යස්ථානය සඳහන් කළේ.