28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඩෙංගු තවත් තරුණ ජීවිතයක් බිලිගනී

ඩෙංගු තවත් තරුණ ජීවිතයක් බිලිගනී

ඩෙංගු උණ වැළඳී සිටි වයස අවුරුදු 23 ක තරුණයෙකු ඊයේ (27) ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් ආරංචිමාර්ග පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය, අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි රවිචන්ද්‍ර සාරුරන් නමැති තරුණයෙකි.

ගතවූ සතියක කාලය තුළ යාපනය රෝහල තුළ ඩෙංගු රෝගීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.

ඩෙංගු උණ වැළදුණ යාපනය, තාවඩි ප්‍රදේශයේ පදිංචි මාස 11 ක් වයසැති මදුරන් කිරුතිෂ් නමැති පිරිමි දරුවෙකු 25 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබිණ.

ඩෙංගු උණ වැළදී ප්‍රතිකාර ලබමින් සිටි යාපනය විශ්ව විද්‍යාලයීය කලා පීඨයේ අධ්‍යාපනය ලද ගුණරත්නම් සුබීන් නමැති සිසුවියක් 24 වැනිදා ජීවිතක්ෂයට පත්විණ.

යාපනය රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේ දෙසැම්බර් මාසය තුළදී පමණක් ඩෙංගු උණ රෝගය වැළදුන රෝගීන් 1000 කට ආසන්න පිරිසක් රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමුව ඇති බවයි.

පසුගිය අඟහරුවාද දිනයේ පමණක් ඩෙංගු උණ රෝගීන් 71 දෙනෙකු රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇති බවයි අධ්‍යකෂකවරයා පැවසූවේ.
<ප්>පවතින වැසි තත්වය සමඟ යාපනය දිස්ත්‍රික්කය තුළ අධික ලෙස ඩෙංගු රෝගීන් වාර්තාවීම සිදුවන බව සෞඛ්‍ය අංශ පවසති.