26.7 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතම ලෙයින් උපන් දැරිය දූෂණය කළ නරුම පියෙක්

තම ලෙයින් උපන් දැරිය දූෂණය කළ නරුම පියෙක්

තම ලෙයින් උපන් වයස අවුරුදු දහතුනක දියණිය දූෂණය කළ නරුම පියෙක් ගැන පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වනවා.

මොහු තම බිරිඳට පහර දී වයස අවුරුදු දහතුනක දියණිය දූෂණය කර ඇති අතර පොලිස් කොස්තාපල්වරයෙක් වශයෙන් සේවය කරනු ලබනවා.

කෙසේනමුත් අනුරාධපුර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් ඊයේ (27) මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මොහු වයස අවුරුදු 38ක අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කොස්තාපල්වරයා අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මේ වනවිට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බවයි පොලීසිය පවසන්නේ.