28 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙසැම්බර් 30, 31 විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්

දෙසැම්බර් 30, 31 විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්

දෙසැම්බර් 30, 31 යන දෙදින බෙලිඅත්ත සහ කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය ධාවනය සඳහා කටයුුතු යොදා තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ අනුරාධපුර රුවන්වැලි මහ සෑය අභියසදී පවත්වනු ලබන මහා අරියවංශ දේශනාව වෙනුවෙන් මෙලෙස විශේෂ දුම්රියක් ධාවනයට එක් කළ බවයි.

මීට අමතරව මහනුවර සිට මෙම පුණ්‍යකර්මය සඳහා සහභාගී වන බැතිමතුන් හට මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 6.50 ට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1036 දුම්රියෙන් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට පැමිණ මෙම විශේෂ දුම්රියෙන් අනුරාධපුරය දක්වා ගමන් පහසුකම් සලසා තිබෙනවා.