― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමුලතිව් ඉඩමකින් ටී 56 පතොරම් තොගයක් හමුවෙයි

මුලතිව් ඉඩමකින් ටී 56 පතොරම් තොගයක් හමුවෙයි

මුලතිව්, වලෙච්චර්මඩම ප්‍රදේශයේ කුඹුරු ඉඩමක තිබී ටී 56 පතුරම් 4500ක් සහිත පතුරම් පෙට්ටි හයක් ඊයේ (27) සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ අදාළ කුඹුරු ඉඩම් හිමියා විසින් කුඹුරු ඉඩමේ බිම සකස් කරන අවස්ථාවේ පතුරම් පෙට්ටි මතුව ඇති බවයි. පතුරම් පෙට්ටි මතුවීම සම්බන්ධයෙන් ඉඩම් හිමියා පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ ස්ථානය පරීක්ෂා කිරීමේදී පතුරම් සහිත පෙට්ටි හයක් හමුවූ බවද පොලිසිය පැවසීය.

සොයාගත් පතුරම් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර මුලතිව් අධිකරණ නියෝග යටතේ අදාළ පතුරම් පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කළහ.

යුධ සමයේ එල්ටීටීඊ සංවිධානය විසින් නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් සඟවා ගිය පතුරම් තොගයක් එලෙස හමුවන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.