30 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුහුදුකටුව මුහුදේ ගිලී සිසුවෙක් අතුරුදන්

මුහුදුකටුව මුහුදේ ගිලී සිසුවෙක් අතුරුදන්

මාරවිල, මුහුදුකටුව මුහුදේ දිය නෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 16ක් වන දකුණු මුහුදුකටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

අතුරුදන් දරුවා තවත් දරුවන් දෙදෙනෙකු සමග මුහුදේ දිය නාමින් සිටියදී රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර ප්‍රදේශවාසීන් විසින් දරුවන් දෙදෙනෙකු බේරාගෙන තිබෙනවා.

මාරවිල පොලිසිය හා ජීවිතාරක්ෂක කණ්ඩායම් විසින් අතුරුදන් දරුවා සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.