― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsමෙරට පවුල්වල මාසික ආදායම පහළට

මෙරට පවුල්වල මාසික ආදායම පහළට

මෙරට පවුල්වලින් සියයට 60කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින පුරා සිදු කළ නවතම ගෘහස්ථ සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

එම සමීක්ෂණයට අනුව මෙරට පවුල් සියයට 60.5ක මාසික ආදායම අඩු වී ඇති අතර පවුල් සියයට 91ක මාසික වියදම වැඩි වී තිබෙනවා.

වර්තමානයේ දී පවුල් සියයට 3.4ක පමණක් ආදායම ඉහළ ගොස් ඇති අතර පවුල් සියයට 36.6ක ආදායම ‍නොවෙනස්ව පවතිනවා.

ආදායම් අඩු වූ පවුල්වලින් සියයට 73.6ක් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර සියයට 6.ක් අමතර ආදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයාගෙන ඇති බවයි මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ.

ආදායම් අඩු වූ පවුල් ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග අතර ණය ලබාගැනීම, භාණ්ඩ උකස් කිරීම, වෙනත් පුද්ගලයින්ගෙන් ආහාර සහ මුදල් ඉල්ලා ගැනීම ආදී කරුණු සමීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

මෙරට පවුල්වලින් සියයට 22ක් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ණය බරින් පීඩාවට පත්ව සිටින අතර 2022 වසරේ මාර්තු මාසයෙන් පසු රැකියා නියුක්ත පුද්ගලයින්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයකගේ ප්‍රධාන රැකියාවේ වෙනස්කම්වලට මුහුණදීමට සිදුව තිබෙනවා.

රැකියාවලට නොපැමිණීම, වැඩ කරන පැය ගණන අඩු කිරීම, වැටුප් හෝ දීමනා කපාහැරීම සහ ආදායම් අහිමි වීම වැනි වෙනස්කම් එහිදී සිදුව ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.

විශේෂයෙන් ආර්ථිකය අර්බුදය හේතුවෙන් පුද්ගලයින් සියයට 14.2කට රැකියා අහිමි වී ඇති අතර ඉන් බහුතරය පිරිමි පුද්ගලයින් බවයි අනාවරණය වී ඇත්තේ.

2023 මාර්තු මාසයෙන් පසුව මෙරට ජනතාවගෙන් සියයට 29ක් රෝගාබාධයන්ට ගොදුරු වී ඇති අතර ඉන් සියයට 7ක් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ප්‍රතිකාර ක්‍රම වෙනස් කිරීම හේතුවෙන් සිදුව තිබෙනවා.

එම ප්‍රතිකාර ක්‍රම වෙනස් කළ රෝගීන්ගෙන් සියයට 35.1ක් ප්‍රතිකාර කරන ස්ථාන වෙනස් කර ඇති අතර සියයට 33.9ක් ඖෂධ භාවිතයට යොමු ව ඇත්තේ සිය රෝගය අසාධ්‍යය තත්ත්වයට පත් වූ විට පමණකි.

ප්‍රමාණවත් මුදල් නොමැති වීම බවයි ප්‍රතිකාර වෙනස් කළ රෝගීන්ගෙන් සියයට 81.7ක්ම එම වෙනසට මූලික හේතුව ලෙස ප්‍රකාශ කර ඇත්තේ.