― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsසරම්ප යළි හිස ඔසවයි - එන්නත්කරණයත් අරඹයි

සරම්ප යළි හිස ඔසවයි – එන්නත්කරණයත් අරඹයි

යළි හිස එසවූ සරම්ප රෝගය සඳහා අවශ්‍ය එන්නත්කරණය ලබන මාසයේ සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව පළමු අදියරේදී එය සිදු කෙරෙන්නේ රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති පළාත් 09 තුළ පමණයි.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික කරනු ලැබුවේ 2019 වසරේදීයි. ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු බොහෝ රටවල ද මෙලෙස සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට වැඩි වශයෙන් සරම්ප රෝගීන් වාර්තා වන්නේ, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ යන දිස්ත්‍රික්කවලයි.

ඒ අනුව අදාළ දිස්ත්‍රික්කවල මාස 06ත්, 15ත් අතර ළදරුවන්ට සරම්ප මාත්‍රාවක් ලබාදීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත්තේ.

මෙම වැඩසටහන 2024 ජනවාරි මස 06 වැනි සෙනසුරාදා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මකයි. අදාළ දිස්ත්‍රික්කවල ජනතාවට ළඟම ඇති සායනයෙන් මෙම එන්නත් ලබාදීම සිදු කරනු ලබනවා.