― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහැකි සෑමවිටම මාස්ක් පළඳින්නැයි උපදෙස්

හැකි සෑමවිටම මාස්ක් පළඳින්නැයි උපදෙස්

හැකි සෑම අවස්ථාවකම මුඛ ආවරණ පළිඳින්නැයි වසංගත රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වෛද්‍යවරයා අවධාරණය කළේ දඹදිව ඇතුළු විදේශ සංචාරවල යෙදෙන ජනතාවට වෙත මෙම දැනුම්දීම ඉතා වැදගත් වන බවත් විදේශ සංචාරවලදී අසනීප තත්ත්වයක් ඇති වුවහොත් වහා වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත් බවත්ය.

රට පුරා විවිධ ප්‍රදේශවලින් ජෛව පටල නියැදි ලබාගෙන ඒවා මේ දිනවල පරීක්ෂා කරගෙන යන බව විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල පවසනවා.

ඒ අනුව නව වෛරස ප්‍රභේදය පැතිරීම ගැන ඉදිරියේදී ස්ථීර වශයෙන්ම දැනගත හැකිවන බවයි වෛද්‍යවරයා පවසන්නේ.

මේ දිනවල කොවිඩ් පැතිරෙන්නේ සෙම්ප්‍රතිෂ්‍යාව වැනි පොඩි අසනීප තත්වයක් ආකාරයට බවත් එවැනි අවස්ථාවලදී පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා.