― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsළමුන් අතර ශ්වසන රෝගවල වර්ධනයක්

ළමුන් අතර ශ්වසන රෝගවල වර්ධනයක්

මේ දිනවල කුඩා දරුවන් අතර ශ්වසන රෝග කිහිපයක් පැතිරෙමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

එලෙස පරීක්ෂාවලට ලක්කළ ළමුන් අතරින් බහුතරයට ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇති අතර කොවිඩ් රෝගීන් දෙදෙදෙනෙකුද හඳුනාගෙන ඇති බවයි වෛද්‍යවරයා පවසන්නේ.

වෛරස් උණ රෝගයන්ට අමතරව රටවල් කිහිපයක පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් මුඛ ආවරණ පැළඳීම ඉතා වැදගත් වන බවත් විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළා.

පසුගිය දින කිහිපය තුළදී දරුවන් අතර ඉහළ ශ්වසන මාර්ගයේ, රෝග කිහිපයක් පැතිරුණා. විශේෂයෙන්ම වෛරස් උණ රෝග. මෙතැනදී රෝග ලක්ෂණ විදියට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වමනය, හිසරදය වැනි රෝග ලක්ෂණ තමා අපි දැක්කේ. පරීක්ෂා කරලා බැලුවහම සමහර උණ රෝග ඉන්ෆ්ලුවෙන්සා A හෝ B. ඊට අමතරව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නම් අපි දැක්කේ නෑ. හැබැයි ළමයි දෙන්නෙක්ට කොවිඩ් පොසිටිව් වෙලා තියෙනවා. හැබැයි වැඩි දෙනෙක්ට ඉන්ෆ්ලුවෙන්සා. ඊට අමතරව උණ රෝග ගැන කියද්දි පාචන රෝගීන් කිහිපදෙනෙක් ඉන්නවා. වමනය, බඩඑළිය යෑම, උණ හා බඩේ කැක්කුම තමා අපි දැක්කේ. වෛරස් රෝග කිහිපයක් තියෙනවා. ඒ වගේම ළමා හතිය හා ඩෙංගු රෝගීන් අපි බහුලව දකිනවා.

රෝග ලක්ෂණ තියෙන අය, මුඛ ආවරණ තවදුරටත් පළඳින්න. ප්‍රතිශක්තිකරණය අඩු අය විශේෂයෙන් අවුරුදු 2ට අඩු දරුවෝ, අවුරුදු 60ට වැඩි වැඩිහිටියෝ, දියවැඩියා රෝගීන්, නිදන්ගත රෝග තත්ත්වයන් පවතින ශ්වසන හා පිළිකා රෝගීන් ද මුඛ ආවරණ පලඳින්න. එහෙම නැත්නම් ඒ අයට ඉන්ෆ්ලුවෙන්සා සහ කොවිඩ් වැනි රෝග පැතිරෙන්න පුළුවන්.”