― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News2023 විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 800ක් රට හැර ගිහින්

2023 විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 800ක් රට හැර ගිහින්

2023 වසර තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 800කට වැඩි සංඛ්‍යාවක් රට හැර ගොස් තිබෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පැවසුවේ තවත් 1000කට ආසන්න පිරිසක් විදේශගත නිවාඩු ලබා සිටින බවයි.

මේ හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර මේ වසරේ මුල් කාලසීමාවේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 6200ක පමණ පිරිසක් සේවය කර ඇති බවයි ඔහු පවසන්නේ.

කෙසේනමුත් විශ්වවිද්‍යාල සඳහා නව ආචාර්යවරුන් බඳවා ගැනීම ද මේ වනවිට නැවතී තිබෙනවා.