27.2 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2024 ඉන්ධන හා ගෑස් මිල වෙනස් වෙන්නේ මෙහෙමයි

2024 ඉන්ධන හා ගෑස් මිල වෙනස් වෙන්නේ මෙහෙමයි

ලබන වසරේදී ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් වෙනස්වීම සම්බන්ධයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

එහිදී ඉන්ධන සහ ගෑස් සඳහා ජනවාරි 01 වැනිදා සිට VAT බද්ද ක්‍රියාත්මක කිරීමේදී වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා පැවසුවාය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරමින් ඇය කියා සිටියේ ඉන්ධන සඳහා සියයට 18ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් සියයට 7.5ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත්වනු ඇති බවයි.

එමෙන්ම ගෑස් සඳහා සියයට 18ක VAT බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් ඉන් සියයට 2.5ක වූ වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත්වනු ඇති.