― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅයියාගේ උදලු පහරින් මල්ලි ජීවිතක්ෂයට

අයියාගේ උදලු පහරින් මල්ලි ජීවිතක්ෂයට

ගල්නෑව හිරිපිටියාව ප්‍රදේශයේ නිවසක ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් වැඩිමල් සොයුරා එල්ල කළ උදලු පහරකින් බාල සොයුරා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුකන සිරිමාගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු පියෙක්. ඔහු නාවික හමුදාවේ සේවය කර ඇති අතර අනතුරකින් පූර්ණ ආබාධිත තත්වයට පත් වීමෙන් පසු විශ්‍රාම ලබා සිට තිබෙනවා.

ඊයේ රාත්‍රී 8.30ට පමණ සොයුරන් දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වී ඇති අතර එය දුරදිග ගොස් පසු පසින් පැමිණි වැඩිමහල් සොයුරා බාල සොයුරාගේ හිසට උදැල්ලෙන් පහරදී ඇතැයි සඳහන්.

පහරදීමෙන් බිම පසු හිසට නැවතත් පහර 03ක් පමණ උදැල්ලෙන් එල්ල කර ඇති බවයි සිද්ධිය ඇසින් දුටු මව ප්‍රකාශ කර ඇත්තේ. පහරදීමෙන් අනතුරුව සැකකාර දෙවැනි පුතු නිවසින් පළා ගිය බව ද ඇය සඳහන් කළා.

බරපතල තුවාල ලැබූ පුද්ගලයා කඩිනමින් ගල්නෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ද ඔහු ජීවිතක්ෂයට පත්ව සිට තිබෙනවා.

ඝාතනය සිදු කළ සැකකරු පලාගොස් බස්නැවතුමක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බවයි ගල්නෑව පොලිසිය කියා සිටියේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.