― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඑළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට

එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට

මේ වනවිට එළවළු මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සමහර ප්‍රදේශවල අමුමිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 1800 දක්වා ඉහළ ගොස් ඇති අතර බෝංචි හා වම්බටු කිලෝවක මිල රුපියල් 800 දක්වා ඉහළ ගොස් තිබේ.

සීමාසහිත සමස්ත ලංකා එකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳපොළ සමිතිය පවසන්නේ මේ වනවිට මැනිං වෙළෙඳපොළට හා ආර්ථික මධ්‍යස්ථානවලට දෛනිකව ලැබිය යුතු එළවළු තොගවලින් 25% ක්වත් නොලැබෙන බවත් මේ නිසා එළවළු මිල දිනපතා ඉහළ යමින් තිබෙන බවත්ය.

සමහර ප්‍රදේශවලට ඇති වී තිබෙන තද වැසි සහිත අයහපත් කාලගුණ තත්වය නිසා එළවළු වගාවන්ට දැඩි ලෙස හානි සිදුව තිබෙන බවත්, අලුතින් වගා කටයුතු ආරම්භ කර ගැනීමට නොහැකි වී තිබෙන බවත් එම සංගමයේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන සඳහන් කළේය.

මේ නිසා එළවළු හිඟය අලුත් අවුරුදු සමය දක්වා පැවැතිය හැකි බවත් එළවළු හිඟයක් ඇතිවන සෑම අවස්ථාවකදීම ජනතාව ලොකු ලූනු හා අර්තාපල් භාවිත කිරීම ඉහළ යාම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබූ බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 500ක් දක්වා ඉහළ යාම හා සිල්ලර මිල රුපියල් 600ක් බවට පත් වීම නිසා ලොකු ලූනු භාවිතය විශාල ලෙස අඩු වී තිබෙන බවත් ඔහු පැවසීය.

මේ වනව්ට කැරට් කිලෝවක් රු. 700ක්, බීට් කිලෝවක් රු. 760ක්, ලීක්ස් කිලෝවක් රුපියල් 400ක්, ගෝවා කිලෝවක් රුපියල් 600ක්, රාබු කිලෝවක් රුපියල් 360ක්, මාලු මිරිස් කිලෝවක් රුපියල් 700ක්, වට්ටක්කා කිලෝවක් රුපියල් 200ක්, තක්කාලි කිලෝවක් රුපියල් 600ක්, වැටකොළු කිලෝවක් රුපියල් 560ක්, පතෝල කිලෝවක් රුපියල් 400ක්, දඹල කිලෝවක් රුපියල් 480ක්, මෑකරල් කිලෝවක් රුපියල් 560ක් ආදි මිල ගණන්වලට අලෙවි වනු ලැබේ.