27.2 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට

කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට

කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු ඊයේ (28) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර මෝදරවිල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

මෙම රැඳවියා හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව මත බන්ධනාගාර ගත කර ඇති අතර හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් මත කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලක් මත කළුතර උතුර පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

සතියක් තුළ එම බන්ධනාගාරයෙන් වාර්තා වූ තුන්වන මරණය මෙය වීම විශේෂත්වයකි.