― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsගාසාවේ යුද ගිනිදැල් මැද සිව් නිවුන් දරු උපතක්

ගාසාවේ යුද ගිනිදැල් මැද සිව් නිවුන් දරු උපතක්

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට නොනවත්වා එල්ල කරන ප්‍රහාර මැද දිවි බේරාගැනීම සඳහා ගාසා තීරයේ දකුණු දෙසට පලා ගිය ගැබිනියක් සිවු නිවුන් දරුවන් බිහි කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 28 හැවිරිදි ඉස්මාන් අල් මස්රේ නමැති මෙම කාන්තාව ගාසා තීරයේ උතුරු කොටසේ පදිංචිකාරියක් වන බවත්
ජබාලියා සරණාගත කඳවුරට කිලෝමීටර 5ක් පයින් ගමන් ක‍ර තිබෙන අතර ඒ වන විට ඇය මාස හයක ගැබිනියක් බවයි.

ඇය ඊයේ (28) දිනයේදී දියණියන් දෙදෙනකු සහ පුතුන් දෙදෙනෙකු මෙලොවට බිහි කර තිබෙනවා.

ඇය විසින් දියණියන් දෙදෙනාට Tia, Lynn සහ පුතුන් දෙදෙනාට ‍Yasser, Mohammed ලෙස නම් තබා තිබෙනවා.

ඇයගේ දරු ප්‍රසූතිය සිදුකර ඇත්තේ අවම පහසුකම් යටතේ, පාසල් ගොඩනැගිල්ලක පවත්වාගෙන යන වෛද්‍ය මධ්‍යස්ථානයක වන අතර ප්‍රසූතිය සිදු කිරීමෙන් පසු අලුත උපන් බිළිඳුන් සමඟ රෝහලෙන් පිටව යන ලෙස බලධාරීන් ඇයගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව ඇය අලුත උපන් පිරිමි දරුවෙකුගේ බර කිලෝග්‍රෑම් එකක් (රාත්තල් 2.2)ක් පමණක් වූ බැවින් ඔහුව සරණාගත කඳවුරේ රෝහලක දමා එන්නට සිදු වූ බවයි පවසන්නේ.