නීතිවිරෝධී ලෙස මෙරටට චීනයෙන් ගෙන්වන ලද මස් නිෂ්පාදන තොගයක අප්‍රිකානු සූකර උණ වෛරසය පවතින බවට තහවුරු වී තිබෙනවා.
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති සිසිර පියසිරි සඳහන් කළේ මෙම මස් තොගය විනාශ කිරීමට පියවර නොගත හොත් ඉදිරියේදී සත්ත්ව පාලන කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වනු ඇති බවයි.
ඌරුමස්, සොසේජස් සහ තාරා ඔළු ඇතුළු මස් තොගයක් චීනයෙන් මෙරටට ආනයනය කර ඇත්තේ මෙම මස මුල් සතියේදීයි.