― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsනේපාලයේ ගුවන් අනතුරක් - 72ක් ජීවිතක්ෂයට

නේපාලයේ ගුවන් අනතුරක් – 72ක් ජීවිතක්ෂයට

ළදරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 72 දෙනෙකුට මරු කැඳවූ නේපාලයේ ගුවන් අනතුරට හේතුව අනාවරණ වී තිබෙනවා.

නේපාල රජය විසින් පත් කරන ලද විමර්ශකයින්ගේ වාර්තාවක දැක්වෙන්නේ එහි නියමුවන් වැරදීමකින් යානයේ විදුලිය විසන්ධි කිරීමේ ප්‍රතිඵලයක් අනතුරට හේතුව විය හැකි බවයි.

‍Yeti Airlines ගුවන් යානය පසුගිය ජනවාරි 15 වනදා කත්මණ්ඩු අගනුවර සිට සංචාරක නගරයක් වන Pokhara වෙත පියාසර කරමින් තිබියදී අනතුරට ලක්වුණා.

එය වසර 30කට පසු නේපාලයේ සිදුවූ මාරාන්තික ගුවන් අනතුර ලෙසටයි සැලකෙන්නේ. පුද්ගලික සමාගමක් සතු ගුවන් යානය ගුවන්තොටුපළේ සිට කිලෝමීටර් 1.5ක් (සැතපුම් 0.9ක්) දුරින් පිහිටි සෙටි ගං ඉවුරේ දී කඩා වැටුණු අතර නේපාල සොල්දාදුවන් සිය ගණනක් සම්බන්ධ කර ගත් ගලවා ගැනීමේ මෙහෙයුමක් ද සිදු කෙරුණා.

එහි ගම්‍යතාවය හේතුවෙන් යානය බිම වැදීමට පෙර තත්පර 49ක් දක්වා පියාසර කළ බවයි විමර්ශන මණ්ඩලයේ සාමාජිකයෙකු වන ගගනගාමී ඉංජිනේරු දීපක් ප්‍රසාද් රොයිටර් වෙත ප්‍රකාශ කළේ.

අදාළ තාක්ෂණික හා නිපුණතා පදනම් කරගත් පුහුණුවක් නොමැතිකම, අධික වැඩ බර සහ ආතතිය, සහ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිවලට අනුකූල නොවීම අනතුරට හේතු වන සාධක ලෙස ද වාර්තාව ලැයිස්තුගත කර තිබෙනවා.

යානය නිසි ලෙස නඩත්තු කර ඇති බවත්, දන්නා දෝෂයක් නොමැති බවත් නියමු කුටියේ කාර්ය මණ්ඩලය නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරියේ නීති රීතිවලට අනුකූලව සුදුසුකම් ලබා ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන්.

එක්සත් ජනපදය, කැනඩාව, ප්‍රංශය සහ සිංගප්පූරුව යන රටවල විමර්ශකයින් විශාල පිරිසක් මෙම පරීක්ෂණයට සම්බන්ධ වී තිබුණා.