― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsපරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කෙරේ

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කෙරේ

පොළොන්නරුව ප්‍රදේශයට පවතින අධික වර්ෂාපතනය හමුවේ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 ක් විවෘත කර තිබෙනවා.

මේ හේතුවෙන් මඩකලපුව – පොළොන්නරුව ප්‍රධාන මාර්ගය නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා.

මෙම එක් වාන් දොරටුවකින් තත්පරයට ඝන අඩි 2,500 ක ධාරිතාවකින් ජලය මුදාහැරෙන බැවින් පහත් බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ වැලිකන්ද, දිඹුලාගල, මඩකලපුව දක්වා ගමන් කරන මගීන්ට කදුරුවෙල දුම්රිය ස්ථානයේ සිට මනම්පිටිය බලා ගමන් කිරීමට විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක බවයි.

එමෙන්ම මඩකලපුව දෙසට ගමන් කරන වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස ගිරිතලේ, ඇළහැර, බකමූණ, දෙහිඅත්තකණ්ඩිය මාර්ගය හරහා ගමන් කිරීමට හැකියාව පවතිනවා.