ප්‍රමාද වී තිබූ රස පරීක්ෂණ වාර්තා මාස 06ක් ඇතුළත කඩිනමින් ලබාදෙන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් රස පරීක්ෂක වාර්තා ලබාගැනීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට තිබූ අපහසුතා නිසා එම ප්‍රමාදයන් සිදුවූ බවයි.