පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පැවසුවේ අද සිට 18% දක්වා වැට් වැඩි කිරීම නිසා බේකරි කර්මාන්තයට හා බේකරි හිමියන්ට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බවයි.
නමුත් පවතින ආර්ථික අර්බුදය හමුවේ රටේ ජනතාව ගැන සිතා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදැමීමට තීරණය කළ බවයි ඔහු අවධාරණය කළේ.