29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅවුරුදු 18ට වැඩි සියලුදෙනාට TIN අංකයක්

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට TIN අංකයක්

වයස අවුරුදු 18ට වැඩි සෑම දෙනාම ජනවාරි මාසයේ සිට TIN අංකයක් ලබා ගත යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

දේශීය ආදායම් කොමසාරිස් ඒ එම්. නෆීර් පවසන්නේ බදු ගෙවීම සඳහා ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතු බවත් හැම දෙනාටම ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙන ආකාරයට (TIN Number) එකක් ලබාදීම මෙහි අරමුණ බවත්ය.

2024 ජනවාරි මාසයේ සිට වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN Number)) ලබා ගත යුතුයි. මෙය වරදවා වටහාගන්න එපා. ලියාපදිංචි අංකය ලබාගැනීම සහ බදු ලිපිගොනු විවෘත කිරීම කාරණා දෙකක්. සෑම දෙනකුටම ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙනවා වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකයක්ද පැවතිය යුතුයි. බදු ගෙවීම සඳහා තරම් ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතුයි. එවිට ඔවුන්ට අදායම් බදු ගෙවීම සඳහා ලිපි ගොනුවක් විවෘත කිරීම සිදු වෙනවා.