― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅස්වැසුම අයදුම්පත් කැඳවීම ගැන දැනුම්දීමක්

අස්වැසුම අයදුම්පත් කැඳවීම ගැන දැනුම්දීමක්

ජනවාරි මස අවසානයේදී හෝ පෙබරවාරි මස මුලදී 2024 වසර සඳහා අස්වැසුම අයදුම්පත් කැඳවීම ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අපි අස්වැසුම පුළුල් කරන්න කටයුතු කළා. මේ වෙනකොට අපිට පුළුවන් වෙලා තියෙන්නේ 1,410,000කට ගෙවීම් සිදුකරන්න. ඒ ගෙවීම් අපේ ඉහළම උද්ධමනයක් තිබුණ මාසයට සාපේක්ෂව තමා සිදුකරලා තියෙන්නේ. ඒ අනුව ඉදිරියේ දී තවදුරටත් එහි පවතින දුවර්ලතාත් මඟහැරගෙන ජනවාරි මාසයේ අග එහෙම නැත්නම් පෙබරවාරි මාසයේ මුල නැවත අස්වැසුම සඳහා ඉල්ලුම්පත්‍ර කැඳවීමට අපි බලාපොරොත්තු වෙනවා. එතකොට එකපැත්තකින් ආර්ථිකය නැවත ප්‍රකෘති වීමක් සිදුවෙනවා. ඒ වගේම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පීඩාවට පත්වෙන ජන කොට්ඨාසයක් ඉන්නවා. කෙටි කාලීනව. ඒ අය රැකබලා ගැනීම සඳහා අස්වැසුම ක්‍රියාත්මක වීම සිදුවෙනවා.