30 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආර්ථිකය ජය ගැනීම රනිල්ට බාරදුන් පොහොට්ටුවට ස්තූතියි

ආර්ථිකය ජය ගැනීම රනිල්ට බාරදුන් පොහොට්ටුවට ස්තූතියි

පොහොට්ටුව නොකියා කියා ඇත්තේ ඔවුන් යුද්ධය ජයග්‍රහණය කළ අතර ආර්ථිකය ජය ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහට රට බාර දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අරගල අවස්ථාවේදී විදේශ බලවේග පරාජය කළ පොහොට්ටුව නැමැති සිංහල බෞද්ධ බලවේගයට ස්තූතිවන්ත විය යුතු බවයි.

එමෙන්ම පොහොට්ටුව ශ්‍රී ලාංකික ජනතාවට යටත් වුවද විදේශ බලවේගවලට යටත් වුණේ නැති පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ අරගල අවස්ථාවේ දී ජාත්‍යන්තරය පොහොට්ටුවෙන් කළ ඉල්ලීම හොඳින්ම දන්නා බවත් නමුත් ඔවුන් එම ඉල්ලීමට යට වුණේ නැති බවත්ය.