27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාබන්ඩයොක්සයිඩ් සිද්ධිය ගැන සොයන්න ඇමති රමේෂ් ජාතික රෝහලට

කාබන්ඩයොක්සයිඩ් සිද්ධිය ගැන සොයන්න ඇමති රමේෂ් ජාතික රෝහලට

කොළඹ ජාතික රෝහලේදී ශල්‍යකර්මයකින් පසුව රෝගී කාන්තාවක් මිය යාමේ සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ ඊයේ (01) ජාතික රෝහලට ගොස් තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ කාබන්ඩයොක්සයිඩ් ආඝ්‍රාණය වීමෙන් ශල්‍යකර්මයකදී මියගියේ යැයි කියන රෝගී කාන්තාව ශල්‍යකර්මයට භාජන කර නැවත පිටතට පැමිණ නිර්වින්දනයෙන් සුවපත් වන අවස්ථාවේදී ගැටලුව මතුවී ඇති බවත් ඒ පිළිබඳ සිදුවූ සිද්ධිදාමය පිළිබඳ සාක්ෂි විමසීම සිදුකෙරෙමින් පවතින බවත්ය.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර විධිමත් කමිටුවකින් මේ පිළිබඳ සාක්ෂි විමසීමක් සිදුකරන බවත් හෙට (03) දිනයේදී එහි ප්‍රතිඵල ලබා දීමට බලාපොරොත්තුවන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

වටිනා ජීවිතයක් අහිමිවීම පිළිබඳ සෝචනීය පුවතක් පසුගිය දා වාර්තා වූ බවත් රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට විශිෂ්ට සේවාවක් රෝහල් කාර්ය මණ්ඩලයෙන් සිදු වුවත් මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂා කර සිදුවූයේ කුමක්දැයි පැහැදිලි කරගෙන වරදක් ඇතිවී තිබේ නම් එය නැවත සිදු නොවීමට වගබලාගැනීමට කටයුතු කිරීම තම යුතුකම.”