32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජපානයේ භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට

ජපානයේ භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට

ජපානයේ ඊයේ (01) ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් සහ සුනාමි අනතුරු ඇඟවීම්වලින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය සංඛ්‍යාව මේ වනවිට 06ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මින් මරණ 04ක් ඉෂිකාවා ප්‍රාන්තයේ සිදුව ඇති බවයි ජපාන බලධාරීන් සඳහන් කළේ. රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබලත්වයෙන් ජපානයේ බටහිර වෙරළ තීරයේ සිදු වූ මෙම භූ කම්පනයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ද කටයුතු කළා.

ඒ අනුව වෙරළබඩ ප්‍රදේශවල වෙසෙන දහස් ගණනක් ජනතාවට උස් බිම් වෙත යන ලෙස දැනුම් දුන් අතර ඔවුන් එම මධ්‍යස්ථානවල රාත්‍රිය ගත කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට වෙරළබඩ ප්‍රදේශවල නිකුත් කර තිබූ සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. භූමිකම්පාවෙන් අනතුරුව පසු කම්පන ද වාර්තා වී ඇති අතර ජපානයේ කාලගුණ ඒජන්සිය අනතුරු ඇඟවා ඇත්තේ එම පසු කම්පන දින කිහිපයක් පැවතිය හැකි බවයි.

මේ අතර ජපානයට අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට ඇමෙරිකාව සූදානම් බව ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර සිටියා.