31 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ අයෙක් අල්ලයි

නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ අයෙක් අල්ලයි

යාපනය පොලිස් වසමට අයත් නාගර්කෝවිල් ප්‍රදේශයේ දීර්ඝ කාලයක් තිස්සේ නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙකු ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාගර්කෝවිල් ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන බවට පොලීසියට ලද තොරතුරක් මත ඊයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුගේ නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී නීතිවිරෝධී මත්පැන් සහ ගෝඩා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.