30 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබන්ධනාගාර නිලධාරීන් 14 කට ස්ථාන මාරු

බන්ධනාගාර නිලධාරීන් 14 කට ස්ථාන මාරු

බන්ධනාගාර අධිකාරී සහ සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් 14 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

එමෙන්ම වැඩ ආවරණ සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් ලෙස 11 දෙනෙකු සඳහා නව පත්වීම් සමග ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරුන් 20 දෙනෙකුගේද ස්ථාන මාරුකිරීම් කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් කර්මාන්ත ලෙස කටයුතු කළ අජිත් බස්නායක බන්ධනාගාර කොමසාරිස් පාලන ලෙස ද, බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන ලෙස කටයුතු කළ ගාමිණී බී දිසානායක බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් සහ බුද්ධි හා ආරක්ෂණ ලෙස ද පත්කර තිබේ.