27 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්කුඩු බෙදූ 46 හැවිරිදි කතක් අත්අඩංගුවට

මත්කුඩු බෙදූ 46 හැවිරිදි කතක් අත්අඩංගුවට

ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන තම 11 හැවිරිදි දරුවා යතුරුපැදියේ පිටුපස තබාගෙන මත්කුඩු ජාවාරමේ යෙදුණු අරුක්වත්ත, පාදුක්ක ප්‍රදේශයේ 46 හැවිරිදි කාන්තාවක් ඉංගිරිය පොලිසිය විසින් අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය පදවාගෙන පැමිණි ස්කූටි වර්ගයේ යතුරුපැදියේ ඇතුළත බහාලුමේ සඟවා තිබූ මත්කුඩු ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 250ක ප්‍රමාණයක්ද, රුපියල් 150,000ක වටිනාකමැති මුදල් නෝට්ටු තොගයක්ද සමඟ යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත.

අසනීප තත්ත්වයේ පසුවන දරුවා ආධාරයෙන් කිසිවෙකුට සැකයක් ඇතිනොවන පරිදි සැකකාරිය මෙම කටයුත්තෙහි නිරතව ඇති අතර ඇය සන්තකයේ තිබී මත්කුඩු බෙදාහැරීමේදී කටයුතු සඳහා යොදාගත් ජංගම දුරකතන අටක්ද පොලිසිය සොයාගෙන තිබේ.

සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ජාවාරමට සම්බන්ධ ඉංගිරිය, ඌරුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී තවත් මත්කුඩු ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 180ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.