31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමහියංගනයේ පාලමක් කඩා වැටෙයි

මහියංගනයේ පාලමක් කඩා වැටෙයි

මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දම්බරාව ඔයේ ජල මට්ට්ටම ඉහළයාම නිසා මහියංගනය 20 කණුව සිට රෝහණ හංදිය දක්වා දිවෙන අතුරු මාර්ගයේ පාලමක් ඊයේ (01) රාත්‍රියේ සම්පූර්ණයෙන් කඩා වැටී තිබෙනවා.

මීට අමතරව උල්හිටිය සහ තෙල්දෙණියාය යන ප්‍රදේශවල සුළු ගං වතුර තත්ත්වයක් තවමත් පවතීන අතර ඒ තුළින් වගා හානි සහ සුළු නිවාස හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මහියංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සියලුම පොලිස් ස්ථාන, වාරිමාර්ග කාර්යාලය, මහවැලි අධිකාරිය ඇතුළු සියලු පාර්ශව සම්බන්ධීකරණයෙන් යුතුව ප්‍රදේශයේ දෛනික කටයුතු සාමාන්‍ය පරිද පවත්වාගෙන යාමට අවශ්‍ය පියවරයන් ගැනීමට මේ වනවිටත් කරමින් සිටින බව මහියංගනය ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.