23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsයල කන්නයේ රසායනික පොහොර වැට් බද්දෙන් ඉවතට

යල කන්නයේ රසායනික පොහොර වැට් බද්දෙන් ඉවතට

ලබන යල කන්නයේදී රසායනික පොහොර සඳහා වැට් බදු ඉවත් කිරීමට රජය අවධානය යොමු කර තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ මෙවර මහ කන්නයේ වගා සදහා අවශ්‍ය සියලු රසායනික පොහොර මේ වනවිට රටට ගෙන්වා ඇතිතේ පැරණි මිල ගණන්වලට බවයි.

ඒ සඳහා වැට් බදු අය නොකර ඇති බැවින් දැනට අලෙවි කරන යූරියා, MOP, TSP වැනි රසායනික පොහොර සඳහා වැට් බදු එකතු කර පොහොර මිල ඉහළ නැංවීමේ අවශ්‍ය නොවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කූඨ වෙළෙන්දන් වැඩි මිල ගණන් යටතේ⁣ පොහොර අලෙවි කළහොත් ඔවුන්ගෙන් බිල්පතක් ගෙන එය කෘෂිකර්ම අමාත්‍යාංශයට එවන ලෙස පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ ඊට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි.