27.8 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැලිගම වෙඩි හුවමාරුවේදී මියගිය සැරයන්වරයාට උසස්වීමක්

වැලිගම වෙඩි හුවමාරුවේදී මියගිය සැරයන්වරයාට උසස්වීමක්

වැලිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබෙනවා.

ඊට අමතරව අදාළ පොලිස් නිලධාරියාට පොලීසිය විසින් රුපියල් ලක්ෂ 15ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

එමෙන්ම ඔහුට හිමිවිය යුතු සියලු වරප්‍රසාද පොලීසිය මඟින් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

මාතර, වැලිගම ප්‍රදේශයේ පසුගිය 31 වනදා සිදුකළ වැටලීමක් අතරතුර දී කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්තව සේවය කළ පොලිස් නිලධාරියෙක් වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ වයස අවුරුදු 46ක් වූ ගලේවල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් නිලධාරියෙක්.