28.9 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි සේවකයින් හෙට විරෝධතාවක

විදුලි සේවකයින් හෙට විරෝධතාවක

ලංකා විදුලි සේවක සංගමය හෙට (03) සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිවයි ඔවුන් මෙම ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ.

එම සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පැවසුවේ අදාළ පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස විදුලිබල අමාත්‍යවරයාට දැනුම් දෙන බවයි.

කාංචනට ඕනේ රනිල් එක්ක එකතුවෙලා මේක විකුණන්න. පාර්ලිමේන්තුවේ දී හිතුවක්කාර විදියට මේක සම්මත කරනවා නම්, එදාට ලංකා විදුලිබල මණ්ඩලයේ දැවැන්ත වර්ජනයකට යනවා. අපි ඒකමතික තීන්දුවක් ගත්තා තෙදිනක් ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් පවත්වන්න. වහාම මේ වනත හකුළ ගනින් කියලා. නොසලකා හිටියොත්, අපි විවෘත අභියෝගයක් කරනවා කාංචනට. පුළුවන් නම් මේක පාර්ලිමේන්තු ගේන්න. එදාට අපි ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් අපි දොරකොඩට ගේනවා.”