29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලාංකිකයන්ට අංශ 04කින් ජපානයේ රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයන්ට අංශ 04කින් ජපානයේ රැකියා අවස්ථා

ජපාන රජය විසින් ක්ෂේත්‍ර 4ක රැකියා අවස්ථා සඳහා වන යෝග්‍යතා පරීක්ෂණය ශ්‍රී ලංකාවට විවෘත කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ 2024/25 වසර සඳහා වන නිපුණතා පරීක්ෂණය විශේෂිත පුහුණු සේවක යෝජනා ක්‍රමය යටතේ ජපානයේදී පැවැත්වෙන බවයි.

ඒ අනුව ඉදිකිරීම්, නවාතැන්, වාහන අලුත්වැඩියා හා නඩත්තු අංශ සහ ගුවන් සේවා අංශයේ රැකියා සඳහා නිපුණතා පරීක්ෂණය පැවැත්වෙනු ඇති.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ යෝග්‍යතා පරීක්ෂණය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර එය ජපන් භාෂාවෙන් පමණක් පැවැත්වෙන බවයි.