― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඅපි ගාව ඩීල් දේශපාලනයවත්, මැර දේශපාලනයවත් නැහැ

අපි ගාව ඩීල් දේශපාලනයවත්, මැර දේශපාලනයවත් නැහැ

අලුත් අවුරුද්දේ එකිනෙකාට සුබ පතා ගත්තත් ලක්ෂ 220 ජනතාව අතිශය දුක්ඛිත ජිවිතයකට පත්ව ඇති බවත් මේ අවස්ථාවේ අපේ යුතුකම විය යුත්තේ මිනිසා ජිවත් කරවීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (03) සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැති උත්සවයකට එක්වෙමිනි.

මේ රටේ ජනතාව කාගේවත් අතකොලු වහලුන් නොවී ස්වෝත්සාහයෙන් නැගී සිටීමේ පරිසරයක් නිර්මාණය කළ යුතු බවයි. රාජ්‍ය ත්‍රන්තය තුළ ක්‍රියාත්මක දූෂණය වංචාව හොරකම සහමුලින්ම උපුටා දැමිය යුතුයි. බංකොලොත් රටෙන් පවා විවිධ ගනුදෙනු හරහා වත්මන් රජය ඩොලර්වලින් පවා හොරකම් කරනවා. පසුගිය නිවාඩු සමයේ මැතිඇමතිවරු විදේශ සංචාරවල නිරත වී පවුල් පිටින් සුරසැප ජීවිත ගත කළත් මහපාරේ දුප්පත් මිනිසුන් ඇතුළු සියලු පුරවැසියන් තාඩන පීඩන රැසකට මුහුණ දුන්නා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව ගෘහ මූලික පවුල් ඒකකවලින් සියයට 60ක ආදායම් මට්ටම පහළ ගොස් තිබෙනවා. ගෘහමූලික පවුල් ඒකකවලින් සියයට 90ක වියදම ඉහළ ගොස් ඇති බවත් මේ බංකොලොත්භාවය තුළ සියයට 3.4ක් පමණ ජීවිත ඉහළ මට්ටමකට පැමිණ ඇති බවත් ඔවුන් ජන සමාජයේ සුපිරි පැළැන්තිය බවත් එම සංක්‍යාලේඛනවලින් අනාවරණය වී තිබෙනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ අන්ත දූෂිත ක්‍රියාදාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වුවත් එම පරීක්ෂණ දේශපාලන සංදර්ශන. එම පරීක්ෂණ හරහා කිසිදු දෙයක් සිදු වෙන්නේ නැහැ. සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශ්වාසභංගයට මන්ත්‍රීවරු 113 දෙනෙකු පරාජය කිරීමට ඡන්දය ලබා දුන්නා. ඒ අනුව ඔවුන්ද මෙම ඖෂධ වංචාවට සම්බන්ධ බවයි පෙනී යන්නේ. අපි ගාව ඩීල් දේශපාලනයක් නැහැ. එවැනි අසික්කිත ක්‍රියාදාම සමගි ජන බලවේගය තුළ නැහැ. හොරකමට, දූෂණයට, වංචාවට සම්බන්ධ ඕනෑම අයකුට තරාතිරම නොබලා දඩුවම් ලබා දීම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තියයි. එය දඩුවම් දීමකින් අවසන් නොකර හොරා කන ලද සියලු මුදල් නැවත පවරා ගන්නවා.

එසේම සමගි ජන බලවේගය සන්ධාන ගැසීමේ දී කිසිදු අහිතකර ගිවිසුමකට එලැඹ නැහැ. ඇති කර ගත් ගිවිසුම වන්නේ මැතිවරණයෙන් පසු සුරසැප ජීවිත අත්හැර ජනතාවගේ සේවකයන් ලෙස කටයුතු කිරීමයි. එය මෙරට ඉතිහාසය වෙනස් කිරීමට පවා හේතුවක් වනවා. මෙම සන්ධානය ගැන විවිධ පුද්ගලයන් විවිධ මත පළ කළත් එය ප්‍රතිපත්ති ගරුක සන්ධානයක්. එහි ඔලුගෙඩි සෙල්ලම් තනතුරු සෙල්ලම් නැහැ.

එසේම සමගි ජන බලවේගයේ සාමාජිකයන් හොරකම්, මැරකම්, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම්වලට සම්බන්ධ වුවහොත් තරාතිරම නොබලා පක්ෂයෙන් නෙරපනවා. එවැනි දේවල් සිදු කිරීමට අපේක්ෂාවෙන් සිටින අයට පක්ෂය තුළ කිසිදු ඉඩක් නැහැ.”