31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජයටම කරගෙන ගිය කසිප්පු ගබඩාවක් වටලයි

ජයටම කරගෙන ගිය කසිප්පු ගබඩාවක් වටලයි

නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කරන කසිප්පු ගබඩා කර තබා ගන්නා ස්ථානයක් වැටලීමට කොස්වත්ත පොලීසියේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

දංකොටුව – බුජ්ජම්පොල, විජයගම ප්‍රදේශයේ මෙම කසිප්පු ගබඩාව පවත්වා ගෙන ගොස් තිබෙනවා. එම ස්ථානයේ තිබී බෙදා හැරීමට සුදානම් කර තිබූ කසිප්පු බෝතල් 72 ක්ද තම බාරයට ගැනීමට වැටලීම කළ නිලධාරීන් සමත්වී ඇත. එම කසිප්පු ගබඩාව පවත්වා ගෙන ගිය පුද්ගලයාවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාහන ගරාජයක් පවත්වා ගෙන යන මුවාවෙන් මෙම කසිප්පු ගබඩාව ජාවාරම්කරුවා විසින් පවත්වා ගෙන ගොස් ඇති අතර වෙනත් ස්ථානයක නිෂ්පාදනය කරන කසිප්පු මෙම ස්ථානයේ ගබඩා කර තබාගෙන විවිධ ස්ථානවල බෙදාහැරීම සැකකරු විසින් සිදු කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු සහ කසිප්පු තොගය මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.