28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජෝන් කොතලාවල සරසවිය හා තුර්කිය අතර ගිවිසුමක්

ජෝන් කොතලාවල සරසවිය හා තුර්කිය අතර ගිවිසුමක්

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සහ තුර්කි අභ්‍යවකාශ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී තිබෙනවා.

මෙම අවබෝධතා ගිවිසුම මානව සම්පත් සංවර්ධන සහයෝගීතාවය සඳහා අත්සන් කෙරෙනු අති බවයි රජය පවසන්නේ.

එමගින් තුර්කියේ අභ්‍යවකාශ ආයතනයේ අන්තර්ජාතික සීමාවාසික වැඩසටහන සඳහා පුහුණුලාභියකු ලෙස සහභාගී වීමට ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන්ට අවස්ථාව උදාකර ගැනීම ඇතුළු ප්‍රතිලාභ රාශියක් ලබා ගැනීමට හැකිවනු ඇති.