28.4 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් සැකකරුවන් 1,182ක් කොටු

යුක්තියෙන් සැකකරුවන් 1,182ක් කොටු

යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (02) රාත්‍රියේ සිට අද (03) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,182ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 138 දෙනෙකු මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් සැකකරුවන් 44 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලීසිය පැවසුවේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 47 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

මෙම මෙහෙයුමේදී හෙරොයින් 287g, අයිස් 246g, ගංජා 05kg 400g, ගංජා පැළ 19,052ක්, මාවා 104g, ඈෂ් 95g, මත්පෙති 119ක්, මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.