ජනාධිපති රනිල් වික්‍රමසිංහට වසර 12ක් එක දිගට රට පාලනය කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවත් තනතුරු තණ්හාවෙන් ජනාධිපති ධුරයට ඉල්ලුම් කළහොත් ජාතිය වැනසෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (02) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැර මේ අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන්නේ ‘මොළයේ ආබාධයක් තිබෙන අයෙකු පමණක්’ බවයි.
රනිල් වික්‍රමසිංහ පින්වන්ත ජනාධිපතිවරයෙකු බැවින් වසර තිහකට පසුව වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරුඔය, ඉඟිනිමිටිය යන සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී ගොස් ආහාර නිෂ්පාදනයට අවශ්‍ය සහය ලැබී තිබෙන බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා කොට ඡන්ද ලක්ෂ සියයකින් යළි පත්කළ යුතු බවට තමා සිදු කළ ප්‍රකාශය හේතුවෙන් ෆේස්බුක් තුළ විවිධ කණ්ඩායම් තමන්ගේ මවුපියන් මතක් කර තිබෙන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.