― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරාජ්‍ය ආදායම වැඩි කරගන්න ජනතාව පීඩාවට පත් කරන්නෑ

රාජ්‍ය ආදායම වැඩි කරගන්න ජනතාව පීඩාවට පත් කරන්නෑ

වයස අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයන් සඳහා බදු අංකයක් ලබාගැනීම අනිවාර්ය වුවද, ඊට අනුගත නොවන පුද්ගලයන්ට රුපියල් 50000ක දඩ මුදලක් අය කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇතත් එය මේ මොහොතේ ක්‍රියාත්මක නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද (03) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ රටේ අනාගතය ගැන සිතා රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කළ ද ඒ තුළින් රටේ ජනතාව පීඩාවට පත් කිරීමට බලාපොරොත්තු නොවන බවයි.

බදු ලිපිගොනුවක් විවෘත කර අංකයක් ලබාගැනීම අනිවාර්ය වුව ද ඒ සියලු දෙනා බදු ගෙවිය යුතුය යන්න කිසිසේත්ම අදහස් නොවන බව ඔහු අවධාරණය කළා.

අමාත්‍යවරයා කියාසිටියේ දැනට මාසයකට රුපියල් ලක්ෂයක ශුද්ධ ආදායමක් ලබන පුද්ගලයන් පමණක් බදු ආදායම් බදු ගෙවිය යුතු බවයි.