29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsලංවිම සේවකයින් ගැන කංචන දැඩි තීරණයක් ගනී

ලංවිම සේවකයින් ගැන කංචන දැඩි තීරණයක් ගනී

සේවාවලට බාධා කරන හෝ මණ්ඩලයේ කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියා කරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට උපදෙස් ලබාදී ඇති බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිසංස්කරණ, අනුමැතිය සඳහා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

විදුලි බිල අඩුකිරීමේ යෝජනාව ද ලබන සතියේ මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කරනු ඇතැයි ඔහු නිකුත් කළ ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන්.