26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලැගුම්හලක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

ලැගුම්හලක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

විෂ වර්ගයක් ආහාරයට ගෙන මියගිය බවට සැක කෙරෙන පුද්ගලයකුගේ මළ සිරුරක් මහරගම දුම්රියපොළ පාරේ ලැගුම්හලක තිබී අද (03) උදෑසන සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වතුගෙදර, තුඩුවේගොඩ පදිංචි 34 හැවිරිදි ඉසුරු මුදාර වැලිවිටිගොඩ නැමැති පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයා ඊයේ සවස 1.30ට පමණ මෙම ලැගුම්හලට පැමිණ ඇති අතර සවස 6ට පමණ පිටව යන බවට ලැගුම්හලට පවසා ඇති නමුත් සවස් වරුවේ ඔහු පිටත්ව නොයාම නිසා සැක සිතී කාමරය පරීක්ෂා කිරීමේදී ඔහු ඇඳ මත වැටී සිටින අයුරු එහි සේවකයෙකු දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව මහරගම පොලිසියේ නිලධාරීන් හා නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී මෙම පුද්ගලයා මීට පෙර සයනයිට් කා මියගිය හෝමාගම ප්‍රදේශයේ පුද්ගලයාගේ අවමගුල් කටයුතු සිදුකළ ප්‍රදේශයේ නිවසට පැමිණ සිටි අයෙකු බවට තොරතුරක් අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙම පුද්ගලයා ඉහත පුද්ගලයාගේ අනුගාමිකයකු බවටත් ඔහු විසින් පැවැත්වූ දේශනා සඳහා සහභාගී වී ඇති බවටත් මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

මොහු මියගිය ස්ථානයේ තිබී සයනයිඩ් බවට සැකකරන බෑගයක්, වතුර බෝතලයක්, ජංගම දුරකථන දෙකක් තිබී හමුවී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.